À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්නමවැනි කොටහා

A+ A-

අද අප්‍රේල් දහවෙනිදා සිකුරාදා දවසක්. මයෙ පුංචි හාමුගේ හතළිස් වැනි උපන්දිනේ.

” අද කවද්ද නිලූෂ…… “

” අප්පේ නැගිට්ටද මයෙ හාමු. අද නම් සිකුරාදනේ ඉස්කෝලේ නිවාඩු දෙනවා නේද වස්තු….. “

” ම්…. ඔව් ඔව් නිවාඩු තමා “

” මයෙ හාමු මහත්තයාට තමයි උයන්න වෙන්නේ. මන් ගිහිල්ලා එන්නම් “

තාම පාන්දර හතර වුණත් අද කේස් එකේ වැඩක් නිසා කලින්ම යන්න ඕනී. මොකද මට අද කලින්ම ක්වාටස් එකට එන්න එපැයි පොඩි වැඩක් කරන්න තියෙන නිසා.

” පරිස්සමින් ගිහිල්ලා එන්න එහෙනම් මයෙ නිලූෂ…. “

ලොකු හුස්මක් පිට කරපු එයා මයෙ ළගට ඇවිල්ලා මයෙ පපුවේ මූණ ඔබා ගනිද්දී මන් ඒ හිස් මුදුනට හාද්දක් තියලා ඒ මූණ අත් දෙකෙන්ම අල්ලගෙන මයෙ පැත්තට හරව ගනිද්දී ඒ ඇස් දිලිසෙන්න ගත්තේ ලා හිනාවකුත් මූණේ ඇදෙද්දී.

” දොළහට මන් පැටියව ගන්නම්. අද කලින්ම වැඩ ඉවරයි හාමු “

” එහෙමද “

එයා දොරකඩ ළගට වෙලා බලන් ඉද්දි මන් ඉක්මනට කඩුල්ලත් පහු කරන් පාරට ආවා . එන්න කලින් බුදුන් වැදලා වෙනදා වගේම පිරිතුත් කියපු නිසා හිතට දැනෙන්නෙ ලොකු ශක්තියක්.  අවට පරිසරේ අදුර කපාගෙන ආපු බස් එක නතර කරත් හරි මන් ඒකට නැග්ගේ ටිකකට කලින් ඇහුණු උලමෙග්ගේ විලාප හඩකුත් මයෙ කන් වල තාම දෝංකාර දෙද්දී.

” සර් මට කතා කරාද “

” ඔව් නිලූෂ එන්න වාඩි වෙන්න …. මන් හිතුවට වඩා මගෙ අලුත් කොල්ලෝ පස් දෙනාම හරි දක්ෂයි. ඔයා හොයා ගත්ත සාක්ෂි ඊයේ අපි ලොකු සර්ටත් දුන්නා බලන්න. ඒවා නම් ගොඩක් වැදගත් අපෙ කේස් එකේදී.  අපරාද කාරයෝ දෙන්නව තියෙන සාක්ෂිත් එක්ක බෙල්ලෙන්ම අල්ල ගන්න තියෙන්නේ දැන් “

මොන හේතුවක් උඩද දන්නෑ ගයාන් සර් වෙනස් වෙලා.  වෙනදා මූණ මලානිකව තිබ්බත් අද ඒ මූණේ සතුට උතුරනවා වගේ.

” සර් ඒවුනාට  තව එක්කෙනෙක් ඉන්නවා ඔතන මහ මොළ කරු “

” ම්…… කොහොම හරි ඒකවත් බඩුත් එක්කම අල්ල ගමු අපි “

” ඔව් ඒක හොදයි සර් “

” කැම්පස් එකේ වැඩ කොහොමද නිලූෂට. විබහගේ ඉවරයිද “

” ඒක ඉවරයි සර්. ඊයේ අපිට නිවාඩු දුන්නා “

” හැමතැනම නිවාඩු දුන්නත් බුද්ධි අන්ශේ වැඩ කරන අයට කොහෙන්ද නිවාඩුවක් හම්බෙන්නේ “

අපිට නිවාඩු තියෙනවා ඒත් දහ තුන දා හතර විතරයි. ඒකත් හැමෝටම නෙවෙයි ඉහළ බුද්ධි අංශෙ එදාටත් වැඩ කරලා ඊළගට එන සතියෙ දවස් පහක්ම නිවාඩු ගන්නවා.

” ලොකු හාමුට කේක් එකක් ගත්තද බන් “

” ඊයේ හවස ගේ වැඩ බලලා එද්දි බේකරි එකට ගියා බන්.  අද දොළහ  වෙද්දී දෙන්නම් කිව්වා හදලා “

ඇති යන්තම් මයෙ හාමු මහත්තයා මන් එදා කියපු දේට කැමති වුණා. බේබී ළග තිබ්බ ලොකු මැණිකෙගේ රත්තරන් බඩු වලින් ටිකකුත් විකුණලා දාලා අපි ඉඩම් කෑල්ලක් ගත්තා. ඒකත් හාමුගේ වලව්ව කිට්ටුවමයි. දැන් නම් ටික ටික ගේ වැඩත් හැදී ගෙන එන්නෙ.

” තූති අප්පත්ති…. අලේ පැතියත ඕත පෙන්තත්තකු… මදෙ හොත තූති අප්පත්තිනේ “

බස් එකේ වුණත් මන් හරි පරිස්සමින් හාමුගේ කේක් ගෙඩිය ඔක්කේ තියන් හිටියත් පැටියා ඇසුත් ලොකු කරන් දුක හිතෙන විදිහට මයෙ අත් ගොබේකටත් උම්මා දිදී කුණු කුණු ගාන්න ගත්තේ වටපිටාවේ අපි දෙන්නා දිහා බලන් ඉන්න මිනිස්සුන්ටවත් අවදානේ නොදී.

” රත්තරන් අප්පච්චි ඇවිල්ලා මේක කඩන කම් අපි ආයේ මේක ඇර ඇර බලන්නෑ… අප්පච්චි තාම දන්නැතු ඇති අපි දෙන්නා එයාට කේක් එකක් ගත්තා කියලා “

” නා නා තූති අප්පත්ති එලා දන්තවා අද කේත් එතත් ගන්තවා කීලා “

ඔලුවේ එක පිට එක හෙන හතක් ගැහැව්වා වගේ පැටියගේ වචන ටික ඇහුණු හැටියේ. කොහොමද හාමු ඒක දැන ගත්තේ. මන් උදේ හිටියෙත් මයෙ හාමුගේ උපන්දිනේ අමතක වුණු ගානටනෙ .

” නුරාද ඔයා කිව්වද අප්පච්චිට අපි කේක් එකක් ගන්නවා කියලා “

“  තූති අප්පත්ති මාල වදේ වුණේ… මන් ඒක සිතලා කුව්වේ නා නේ තූති අප්පත්ති. මදෙ කතින් එක පාලතම එළියත පන්න නෙ “

අපරාදේ මන් නුරාදට හාමුගේ උපන්දිනයක් ගැන කියව්වේ . මදැයි එයාව පුදුම කරන්න හිතුවා. පැටියා කලින්ම කියලනෙ ඉතින්

පුංචි මේසෙ වටේට කේක් ගෙඩිය තිබ්බ ලොකු පෙට්ටියත් තියෙලා මේසෙ වටේට ඉටි පන්දම් ගැහැව්වා. කේක් එකට ඉටිපන්දම් නම් මන් ගහන්න කැමති නැති නිසා තමයි මේසෙ වටේට ගැහැව්වේ.

” තූති අප්පත්ති බලුම් බෝලේ පුම්දලා ඉවලයි “

” අනිත් ටිකත් පුම්බන්න පැටියෝ “

ගිනි මද්දහන නිසා රස්නි වැඩි. ක්වාටස් එකට කවුරුත් දැන් එන්නැති නිසා පැටියයි මායි හිටියෙම යට කලිසම පිටින්. අපි දෙන්නම බිම වාඩි වෙලා බැලුම් බෝල පුම්බනවා.  දැන් නම් එකහාමාරටත් කිට්ටුයි.

” ඩෝ න් “

” ආ…………  බාන්ත මේ පිත්තු පූතා කලන වැද. තා තුත්තෙන් මදෙ උත්ම ඉලවෙනෝ “

බැලුමයක් පිපුරුණු හැටියේ පැටියා විතරක් නෙවෙයි මාත් ගැස්සිලා ගියා. පොඩි එකා නම් යටි ගිරියෙන් කෑ ගැහැව්වේ සද්දෙට බය වෙලා.

” යම් අප්පච්චි එන්න කලින් ඇදුමක් දා ගමු අපි දෙන්නා “

” අයියූ දාදියයි නේ තූති අප්පත්ති. ඒවුනාත ඔලා නම් ඕම ඉන්ත එපා සාමක් දා ගන්ත “

දුඹුරු පාට සරමකට අත් නැති බැනියමක් ඇද ගත්ත මන් පැහිච්ච සීයා පප්පවත් නාවලා එයාටත් ඇදුමක් ඇන්දුවා.

මායේ හාමු මහත්තයා දොරත් ඇරන් ආපු හැටියේ මන් එයාව බදා ගත්තේ පැටියත් ඇවිල්ලා මයෙ හාමුව බදා ගනිද්දී.

” නිලූෂ… හරි ලස්සනයි මේසෙ.. දකිද්දී ආසයි දෙයියෝ “

” සුභ උපන්දිනයක් වේවා මයෙ හාමු මහත්තයට. පැටියයි මායි තමයි හරි ගැස්සුවේ ඉතින්. à·„à·š à·„à·š කොහෙද මේ පැංචා කියලානේ හාමුට. එන්න කේක් එක ඇරලා බලන්න “

පැටියගෙයි මගෙයි අත් පුඩි මැද හාමු කේක් පෙට්ටිය අරිද්දි හාමුගේ හිනාව තවත් ලොකු වුණා.  තට්ටු දෙකේ චොකලට් කේක් එකක් වෙද්දී උඩ තට්ටුව එක එක වර්ගයේ චොකලට් වලින් පිරිලා තිබ්බා . යට තට්ටුවේ උඩ වටේ කොටසේ චොකලට් බෝල පුරවලා. ඒක දැක්ක හැටියේ පැටියගේ ඇසුත් දොඹ ගෙඩි සයිස් වෙලා කටත් භාගෙට ඇරිලා ඉබේටම ඒ අත චොකලට් බෝල ගෙඩියකට යද්දී මන් කැමරාවෙන් ෆොටෝ එකක් ගත්ත හැටියේ ටක් ගාලා හොර ගෙඩියගේ චූටි අත අල්ලන් පැංචව වඩා ගත්තා.

” සා……  තොකලත් තූති අප්පත්ති “

” මෙච්චර ගණන් එකක්. සල්ලි තිබ්බද ගන්න “

” මයෙ හාමු මන් ළග සල්ලි තිබ්බා බන්. දැන් වත් ඔය කේක් ගෙඩිය කපන්න. මේ පේන්නෑ “

මන් හාමුට පෙන්නුවේ මයෙ අතේ ඉදන් කේක් එක දිහා වශී වෙලා බලන් ඉන්න පැටියව .

” සා……… ගු දා………….. ක් සස යි “

පැටියා කේක් කෑල්ලේ තිබ්බ චොකලට් තලියක්ම කටේ පුරවන් කෑ ගැහැව්වේ ඊළගට හාමු මට කේක් කවද්දී.

” හැමදාම මයෙ හාමු මහත්තයා සතුටින්ම ඉන්න ඕනී. ජිවිතේට හොදම දේවල් හම්බෙන්න ඕනී. ආදරෙයි මේ නිලූෂ මයෙ හාමුට හැමදාම “

එයාටත් කේක් කෑල්ලක් කවපු මන් පැටියවත් බිම තියෙලා බදා ගෙන හිතට එන දෙ ඒ කන් අස්සෙම මිමිනුවා.

” අම්මේ තව නම් කන්න බෑ දෙයියෝ මත් වෙලා වගේ “

හාමු හාන්සි පුටුවේ හාන්සි වෙලා දෙවැනි පාරටත් ගත්ත කේක් කෑල්ල අතේ තියන් කියවනවා. පැටියට නම් ගානක් නෑ කේක් එක ළගම තිබ්බ හාන්සි පුටුවේ වාඩි වෙලා උඩ තට්ටුවේ තිබ්බ එක එක වර්ගයේ චොකලට් කෑළි කට වටේටම ගාන් කන්නේ මෙලෝ සිහියක් නෑ වගේ.

” තූති අප්පත්ති දන් නම් අති වදේ. ඉතිලි තිත පත්තේ කන්තම් මන් “

පැටියාට නම් නිදි මත හැදිලද මන්දා. මන් කේක් එක අරන් කෑම මේසෙ තියෙලා කුඩෙන් වහලා ගියේ ආයේ හාමු ළගට.

” නිලූෂ….. මන් හිතුවේ නෑ අප්පච්චි කැමති වෙයි කියලා අපෙ ඉඩමට “

” ඉතින් මොකට අකමැති වෙන්නද හාමු.  අපි ඉන්න යන්නෙ අල්ලපු ඉඩමකටනේ. ඒකයි ලොකු හාමු මොකවත් කිව්වේ නැත්තේ “

කොහොමත් වලව්වට කිට්ටුව හැදුවේ මයෙ හාමු මහත්තයගේ පොල් වතුයි තේ වතුයි හිටන් තියෙන නිසා. ලොකු හාමුගෙන් පස්සේ ඒවා බලා කියා ගන්නත් වෙන්නේ මයෙ හාමු මහත්තයටමනේ. ඕවා දැන්ම හිතලා බලලා පිළි වෙලක් කරාට පස්සෙ ආයේ අපිටම තමයි ලේසි ඉස්සරහට .

” ඊළග මාසේ වෙද්දී අපිට එහෙ ඉන්න පුළුවන් වෙයි නේද “

” වැඩ ටික ඉවර කර ගන්න පුළුවන් වුනොත් ඊට කලින් යත හැකියි හාමු “

               💥💥💥💥💥💥💥

” මාත් මුලදි මුලදී සැක කරා ලොකු හාමු. කෙනෙක් මරනාසන්න වෙද්දී හිත පිහිටුවන තැන නොවෑ ඊළගට ආයේ ඉපදෙන්නේ. ලොකු මැණිකේ නොකිව්වට ඒකී හිටියෙම වෛරෙන්මනේ කොහොමත්. ඉන්න කාලේ හැබැයි මහ ලොකුවට පින් කම් කරපු නැති නිසා වරම් ගත්ත බලසම්පන්න යක්‍ෂ ආත්මයක් නෙවෙයි වෙන්නැති. බලයක් නැති නිකන් යක්‍ෂ ආත්මයක් වෙන්න ඇති හාමු . හැබැයි මෙහෙම දෙයක් තියෙනවා එතකොට.  උන්ට අපිව ලෙඩ කරවන්න පුළුවන් බලයක් නැතුවුනාට .  “

” අපි මේකට මොකදෑ වෙද රාළ කරන්නෙ “

” තුන් මාසේ දානේ අවුරුද්දේ දානේ වලව්වට හාමුදුරුවෝ වඩම්මවලාම දෙන්න පුළුවන්. එතකොට ඒකිට පින් අර ගන්න පුළුවන් වුනොත් වලව්වෙන් යන්න යයි. නැත්තම් වලව්වේ කොහේ හරි තැනක් ඒකිගේ විමානේ කර ගෙන ඉදියි. එහෙම හිටියොත් හාමු මහ සෑයට ගිහිල්ලා පූජාවන් ටිකක් තියෙනවා කරන්න . අපි ඒ ටිකත් කරමුකෝ බලන්න. ඊටපස්සේ හාමු වෙසමුණි දෙව් රජුට කන්නලව් කරන්න ඕනී. කන්නලව් කර කරම ඒ යක්‍ෂණී ගැන කියන්න ඕනී. සතරවරම් දෙව් රජවරුන්ගෙන් යක්‍ෂයින්ට අධිගෘහිතව ඉන්නෙ වෙසමුණි දෙව් රජ්ජුරුවෝ නොවෑ… මන් කන්නලව්ව කරන්නම් හාමු “

මන් වලව්වේ ඉද්දි කීප පාරක්ම දැක්කා මයෙ හාමිනේ ඔහේ ඉන්නවා. මුලදී මුලදී මැණිකෙගේ චායාව දැකලා බය වුණත් දැන් නම් හිත ගැස්සෙන එක අඩුයි. ඒකී ගොඩක් වෙලාවට ඉන්නෙ මහ ඔන්චිල්ලාවේ. නැත්තම් පරණ මඩුවේ. දැන් මිදුලෙන් සමන් පිච්ච සේපාලිකා මල් සුවදත් එක්ක මහා කුයිලෙකුත් එද්දි මිදුලේ විනාඩි පහක් වත් ඉන්න අමාරුයි. ගමේ කට කතා පැතිරෙන්න කලින් ඉක්මනට මේකට පිළියමක් කරන්න ඕනී. මළගිය ඇත්තොන්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්න පුළුවනෑ.

මන් හවස් වෙන්න කලින්ම තේ වත්තෙ වැඩත් බලලා ගියේ වලව්වට. මැණිකෙ පේන්න තියා ඒකිගේ කුයිලයක්වත් නැති වෙද්දී මන් ගොම්මන වුණත් ළිදෙන් නා ගත්තා.

” ලොකු හාමු මන් උයලා තියෙන්නේ. කෑම මේසෙටත් ඇරියා හාමු “

” හරි කමනි උබ එහෙනම් ගිහිල්ලා හෙට උදේන්ම වරෙන්කො. කොල්ලත් ඇවිල්ලනේ ඉන්නේ දැන් “

කමනි කොල්ලත් එක්කලා යන්න යද්දි මන් ආයේ මේ වලව්වේ තනි වුණා. කලින් නම් පුතාගේ යාලුවත් හිටියා. ඊයේ ඒකා ගත්තු අලුත් ගෙදර පදිංචියට ගියා නොවෑ .

බුදු පහන නිවෙන්න වගේ ගියත් මන් පොල් තෙල් බෝතලේ අතට අරන් තෙල් ටිකක් පහනට වක් කරා. ටික වෙලාවක් යද්දි මට ඇහුනේ වාහනයක් නතර කරන සද්දයක් වෙද්දී මන් ගියේ දොර ළගට .

” පොඩි උබ මොකෑ මෙච්චර රෑ වෙලා “

             💥💥💥💥💥💥💥💥

කේක් ගෙඩියෙන් ටිකක් ලොකු කෑල්ලක් කපලා මන් දා ගත්තේ ලොකු පෙට්ටියකට. දිනුලත් ගියපු එකේ අප්පච්චි දැන් ඇත්තේ වලව්වේ තනියම වෙන්නැති.

 
” අපි ආයේ වෙනම ලෑස්ති වුණේ නම් නෑ හාමු. කෙලින්ම යන්නෙ වලව්වටනේ “

මන් බැලුවේ නිලූෂ දිහා. මහ ලොකු අවුලක් නෑ. මේ රෑ වාහනේ ඇතුළට ඔලුව දාලා මොකා බලන්න කියලද.

” ඔහොම හොදයි. ඔලුවට ඌල් තොප්පියක් දා ගන්න නිලූෂ.  පැටියටත් දාන්න. මන් කුස්සියේ දොර වහලා කළුවා අරන් එන්නම් “

” අයියෝ මයෙ බේබී ඕකා තියෙලා යන්කො…. ඒකා දැන් පැටියෙක් නෙවෙයි පේන්නෑ කළු බෝලයක් වගේ ලොකුයි “

” මේකට අපි ඇර කවුද කන්න දෙන්නේ නිලූෂ. පව් අහිංසකයා මයෙ “

” මාත් කැමති ඉතින් අපිවත් ඔහොම හුරතල් කරනවා නම් “

කුටු කුටු ගගා නිලූෂ ගියේ කාමරේට. මන් දොරත් වහලා කළුවත් ඇරන් වාහනේ ළගට එද්දි චූටි අප්පච්චියි පුතයි ඇතුළේ ඉදගෙන දෙන්නා රටකජු කනව.

” අප්පත්ති මත නම් කම්මලි අලේ තීයා බාන්න යන්ත. තූති අප්පත්තියි මායි මේ ඉන්තම්කු අයියූ……. සාහුලුත් නා මත තෙල්ලම් කලන්ත “

” ඇයි පැටියට මන් ඉන්නෙ “

නිලූෂ එහෙම කියලා පැටියව තුරුල් කරන් හපන්න ගනිද්දී පැටියත් නිලූෂගේ හපන්න ගත්තා. මන් වාහනේ පාරට දාන් යන්න ගියේ වාහනේ කැසට් එකත් සද්දෙට දාන්.

” පොඩි උබ මොකෑ මෙච්චර රෑ වෙලා “

දොර ඇරපු අප්පච්චි අපිව දැකලා එහෙම කියලා නිලූෂගේ අතේ එල්ලිලා හිටපු පැටියා වඩා ගත්තා. අප්පච්චිට පුදුම හිතෙන්න ඇති අපිව දැකලා

” ඕන් බලාපන් පොඩි මට අමතක වුණු හැටියක් උබේ උපන් දිනේ කියලා. නැත්තම් මන් ගුණේ එක්කලා එනවා උබව බලන්න “

” අයියෝ අප්පච්චි ඒක මොකක්ද. ඒකනේ මන් අප්පච්චිව බලන්න ආවේ මේවත් ඇරන් “

අප්පච්චිගේ මූණේ ලා හිනා රැල්ලක් ඇදිලා ආයේ මැකිලා ගිහිල්ලා ලොකු හුස්මක් පාත දැම්මා.

” ඇයි අප්පච්චි දුකෙන් වගේ ඔහොම ඉන්නෙ “

” නෑ බන් පොඩි…. උබේ අයියා මතක් වුණා. උබලා දෙන්නව ඉස්සෙල්ලාම මන් වඩා ගත්ත විදිහ මතක් වුණා. “

” අයියෝ අප්පච්චි. එයා දෙව්මි එක්ක හොදට එහෙ ඉන්නවා ඇතිනෙ එහෙ . අනික අයියා ඇවිල්ලා යන්න ආයේ එනවනෙ අප්පච්චි “

මන් එහෙම කිව්වත් මන් දැක්කේ ඒ ඇස් වල තියෙන ලා කදුළු පටලේ. ඇයි අප්පච්චි අයියා ගැන මතක් කරන්නේ.

” තීයේ මේ තොකෝ බෝල කන්තකු බාන්න. ගුදක් සසයි. කත අලින්ත අලේ බාන් ඉන්තතුව. මදෙ අත සිදෙනෝ “

පැටියා චොකලට් බෝලයක් අරන් අප්පච්චිට දික් කරද්දී ටික වෙලාවක් නුරාද දිහා බලන් ඉදලා පැටියගේ අතේ තිබ්බ බෝලේ කටේ දා ගත්තා.

” ම් ගොඩක් රසයි තමයි. හරි රසයි කේක් එක “

” තූති අප්පත්ති තමා අප්පත්තිත ඕත අලන් දුන්තේ “

අප්පච්චිගේ ඇස් මයෙ ළගම වාඩි වෙලා ඉන්න මයෙ නිලූෂ ළගට හැරිලා ආයේ පැටියා දිහා බැලුවේ ඒ ඔලුව අත ගාන ගමන්.

” මයෙ හාමු අපි අපෙ ගෙදර හැදුවට පස්සේ අප්පච්චිටත් ඕනී නම් එහෙ නතර වෙන්න එන්න කියන්න “

” එයා එන්නෙ නැහැ නිලූෂ. කමක් නෑ ළගපාතම ඉන්න නිසා එහෙම අවුලක් නෑ “

පිටිපස්සෙන් හිටන් මාව බදා ගත්තු මයෙ නිලූෂගේ අත් මයෙ බද වටේ යද්දි මාත් ඒ අත් අල්ලගෙනම කන්නාඩියෙන් පේන අපි දෙන්නා දිහා බලන් හිටියා. පැටියා නම් කාපු හැටියේ නිදි මතයි කියලා ඇදට ගිහින් නිදා ගත්තේ තඩි කොට්ටෙකුත් බදන්.

” මට දැන් නෙ මතක් වුණේ නිලූෂ…. “

” මොනාද “

” අද දිනුවගෙත් උපන්දිනේ. මාරයි නේද අපි දෙන්නම එකම දවසෙ ඉපදිලා තියෙන්නේ “

” එහෙම ඕනී තරම් ඉපදෙනවා තමයි හාමු “

නුරුස්සාවෙන් වගේ මයෙ කොල්ලා එහෙම කියද්දී මට හයියෙන් හිනාවක් පැන්නේ නිලූෂගෙන් උතුරලා යන පැහැදිලි ඉරිසියාව දැකලා.

” අයියූ දුප් යන්ත දුප් මොකතත ඔලා ඕම ඔලවන් ඉන්තෙ….. දුප් දුප් යන්ත. දෙනෝ මන් සැබයි…….. මාත් එත්ත නතන්ත ලෑත්ති වෙන්ත එපා හලී…… තේලෙන් නද්ද තමුතෙත තින්හල ආ කීන දෙ ආන්ත බෑ ඇත්තර පූතා ම් “

” කෑ ගහන්න එපා දරුවෝ නිදි මතයි දෙයියනේ “

” අලේ බාන්නකු අප්පත්ති පිත්තු පූතා ඇදෙ බයියනවා. එයාත යන්ත කියන්තකු “

එක ඇහැක් ඇරියට පස්සේ මන් දැක්කේ ඇද කොනේ නිදන් ඉන්න අපෙ පූසව. ඊටපස්සේ දැක්කේ බට්ටා කැරකෙන ලොකු ඔරලෝසුව. මේ වෙලාවට තමයි නුරාදගේ පස්ස රත් කරන්න හිතෙන්නේ මට.

” මෙහෙ එනවා නිදා ගන්න. හය වත් වෙලා නෑ “

නිලූෂ මාව පිඹුරෙක් වෙලන් ඉන්නවා වගේ බදන් ඉන්න නිසා හෙලවෙන්නවත් බැරි තැන කොල්ලව අතින් ඇදල ගත්තේ මයෙ අස්සට.

” ආ ව්‍ මදෙ අත ඔලා ඌවා කළා “

” කෑ නොගහ නිදා ගන්න නුරාද… අප්පච්චි හිතලා කළේ නෑ මයෙ පුංචි පැටියෝ. කෝ දැන් බයි ගමු හාද “

මයෙ පොඩ්ඩක් දැගලුව නිසාද මන්දා නිලූෂගේ අත ටිකක් ලිහිල් වුණේ මන් ආයේ අපි තුන් දෙනාම වැහෙන්න ෂීට් එකත් දා ගනිද්දී.

” මත තූති අප්පත්ති à·€ ඕලි….. “

” එන්නකෝ එහෙනම් මැදට “

පැටියා මාව බදාගෙන ඉන්න නිලූෂව දැකලා එයාගේ චූටි අප්පච්චිව ඉල්ලද්දී මන් නිලූෂගේ අතුත් එහාට්ට කරලා පැටියා මැදට ගත්ත හැටියේ එයා චූටි අප්පච්චි අස්සටම ගිහිල්ලා ගුලි වුණේ නිලූෂත් නින්දෙන්ම පැටියව බදා ගනිද්දී.  දැන් නම් මයෙ නිදි මතත් කැඩිලා වගේ.

” ආ පොඩි බේබී ආයෙ ආවද.. කොච්චර දෙයක්ද බේබී…. ලොකු හාමු හිටියෙ නිකන් කලකිරිලා වගේ නොවෑ “

“මන් අප්පච්චිව තනිකරන්නෑ නැන්දේ. තව ටික දවසකින් අප්පච්චිව මට හැම දාම බලලා යන්න වලව්වට එන්න පුළුවන් “

           💥💥💥💥💥💥💥💥

කන්තෝරුවේ වැඩත් ඉවර කරලා ගෙදරට ආවේ එහෙන්ම රෑට උයන්න එළවලු දෙක තුනකුත් අරන්.  තාම අනුජ නම් ගෙදර ඇවිල්ලා නෑ වගේ. මඩුවේ බයික් එක වත් පේන්න නෑ.

අලුතින් ගත්තු මේ ගෙදර නම් ඇත්තටම හොදයි. අහළ පහළ ඉන්න මිනිස්සු වුණත් ඉන්නෙ තම තමන්ගේ පාඩුවේ.

” රාහුල් මොනාද මයෙ පැටියා කල්පනා කරන්නෙ ම්….. “

මන් නාලා සරමකුත් ඇදන් එද්දි පැටියා කතන්දර පොත අතේ තියන් ඔහේ කල්පනා කරද්දී මන් රාහුව ගත්තේ අතට.

” අප්පත්ති තුදූ මතක් වුණා “

” මයෙ පැටියට අප්පච්චි බලු පැටියෙක්ව අරන් දෙන්නම්කෝ හොදද “

ඒත් එක්කම වගේ දොරට තට්ටු කරන හඩක් ඇහෙද්දී මන් බැලුවේ රාහු දිහා.

” රෑ කවුද මේ “

” ඇලලා බාන්න හලෝ “

මන් දොර ඇරියත් හරි දැක්කේ ලොකු පෙට්ටියකුයි මල්ලකුයි උස්සන් ඉන්න අනුජව.

” සුභ උපන්දිනයක් අයියේ…..   ආ…. ඔහොම බලන්න ඕන්නෑ ඊයේ මට ඇට නෑ මේ රාහුල් තමයි කිව්වේ  “

” මෙලා මත ඇතයා ගානවා අප්පත්ති…. මත දන් නෙ මතක් වුණේ. ඊයේ මදෙ බාසකලෙත් පදින්ත ගියා . තා පොද්දෙන් තයර් දෙත පුපුලනවා “

” ආ ආ පොඩි ළමයි ඔහොම කේලම් කියනවද ආ…… අයියේ ඇරලා බලන්න ඉතින් ඔහොම ඉන්නැතුව “

” මොනාත ඇතයෝ ඔලා ගෙනාවේ අප්පත්තිත “

තාම ළමා මානසිකත්වෙන් වගේ ඉන්න තිහකටත් කිට්ටු කොල්ලෙක් නේද මේ කියලා දැක්ක දැක්ක පාර හිතෙන්නෙම එහෙම මට. ඒත් ඇයි මෙයා මට කේක් එකක් උස්සන් ආවේ. මෙච්චර වෙලා එයා දිහාම බලන් හිටපු මන් ගියේ මේසෙ ළගට.  ලස්සනට අයිසින් කරපු රවුම් කේක් ගෙඩියක්. එහෙන් මෙහෙන් චොකලට් හිටන් නාවලා හරි ලස්සනට තිබුනා වෙද්දී මට මතක් වුණේ ගිය සැරේ උපන් දිනේට මයෙ සහස් එයාගේ අතින්ම හදපු කේක් එක.

” ඔන්න ඔන්න ආයේ කල්පනාවක ආ පිහිය. කෑල්ලක් කපලා කවන්නකෝ “

” අප්පත්ති එලාත මොකත ඔලා කේක් කවන්තේ “

ඉස්සෙල්ලම රාහුලට කේක් කෑල්ලක් කවපු මන් ආයේ කවන්න ගියේ මන් දිහා බලන් ඉන්න අනුජට. ඊටපස්සේ එයත් කේක් කෑල්ලක් අරන් මයෙ කටට ඔබලා කිව්ව දේත් එක්ක මට ඉස්පොල්ලත් ගිහිල්ලා ළග තිබ්බ වතුර එකක් අරන් බී ගෙන බී ගෙන ගියේ තිබ්බ තිබහටත් එක්ක .

” එහෙම තමා ඇටයෝ ඔයාගේ අප්පච්චි මටත් ආදරෙයි “

” ඔලාත පිත්තු හදිලද ඇතයෝ එලා මදෙ… මදෙ කියන්තෙ මදෙ විතලමයි. එලා මදෙ අප්පත්ති. මන් ඔයාත දෙන්තෑ මදෙ අප්පත්තිව “

” රාහුල් වැඩි හිටියන්ට ඔහොමද කතා කරන්නෙ ආ…. අනුජ වාඩි වෙලා ඉන්නකෝ මන් බොන්න මොනා හරි හදන් එන්නම් “

” කිරි හොදයි අයියේ. කෝපිත් දාලා හදන්න. සීනි අඩුවෙන් “

මට සතුටු හිතුනා මයෙ උපන්දිනේට කේක් එකක් කපපු එක ගැන. ඇත්තටම මන් එහෙම එකක් බලාපොරොත්තු නොවුණු වෙලාවක වෙද්දී පුදුමෙත් එක්ක ඇත්තටම මයෙ හිතත් පිරුනා.

” අද මට පරක්කු වුණා එන්න. නැත්තම් හවසම එන්න හිටියේ “

” ඇයි එච්චර මහන්සි වෙන්නේ “

උණු වෙච්ච කේතලෙන් වතුර ටික කෝප්පෙට වක් කරන ගමන්ම මන් එහෙම ඇහැව්වේ මයෙ ළගම හිටන් ඉන්න අනුජගෙන්.

             💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗

අදහස් වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි යාලූලා හැමෝටම 🙏❤️

බුදුසරණයි 🙏

Story Description එක වෙනස් කළා යාලූලා 🤗🤗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්නමවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්නමවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්නමවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්නමවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්නමවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්නමවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 60